ගල්අඟුරු ආනයනය ගැන සොයන්න පත් කළ ජනපති කොමිසම විමර්ශන අරඹයි

Report

2009 සිට 2026 අප්‍රේල් 16 දක්වා කාලය තුළ ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ මූලික විමර්ශන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත .

මෙම කොමිෂන් සභාව 5 වන මහල, මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය, අධිකරණ පියස, සාන්චි ආරච්චි වත්ත, අධිකරණ මාවත, කොළඹ 12හිදී ස්ථාපන කර තිබේ ඒ අනුව මෙම කාරණය සම්බන්ධයෙන් මහජනයා හෝ ආයතන වෙත ඇති තොරතුරු මැයි මස 22 වන දිනට පෙර එවන ලෙසට කොමිෂන් සභාව ඉල්ලා සිටියි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2009 සිට 2026 අප්‍රේල් 16 දක්වා ගල්අඟුරු ආනයනය කිරීම, එම ගල්අඟුරු භාවිතයෙන් විදුලිය උත්පාදනය කිරීම සහ ඒ හා අනෙකුත් සියලුම ක්‍රියාකාරකම්වලදී සිදුවී ඇතැයි කියනු ලබන විවිධ අක්‍රමිකතා සහ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන කිරීම සහ පරීක්ෂා කිරීම සඳහා මෙම කොමිෂන් සභාව පත් කර ඇත