රංග රාජපක්ෂව කපපු පිහිය අනිත් නිලධාරීන්ගේ ඇඟටත් එන්න පුළුවන් - මුජිබුර් රංග වෙනුවෙන් ආණ්ඩුව එක්ක හැප්පෙයි

Report

භාණ්ඩාගාරයේ මුදල් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය විසින් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියද, ආණ්ඩුව එයට අවස්ථාව ලබා නොදීම සැක සහිත ක්‍රියාවක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ, ඩොලර් ලක්ෂ 25කට ආසන්න මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් විපක්ෂය ලෙස තමන් විවාදයක් ඉල්ලා සිටි නමුත්, එය යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහ දරා ඇති බවයි.

“මුදල් අමාත්‍යාංශයේ මුදල් මෙවැනි ආකාරයෙන් කිසිදාක වැරදි ලෙස ගෙවා නැහැ. එවැනි අවස්ථාවක විවාදයක් නොදීම සැක සහිතයි” යැයි ඔහු පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

NDB බැංකුවේ බිලියන 13ක දැවැන්ත වංචාවේදී මහ බැංකුව නිදිද? - රවී කරුණානායක

NDB බැංකුවේ බිලියන 13ක දැවැන්ත වංචාවේදී මහ බැංකුව නිදිද? - රවී කරුණානායක

තවද, ස්ථාවර නියෝග යටතේ මන්ත්‍රීවරු 20 දෙනෙකුගේ මැදිහත්වීමෙන් විවාදය ඉල්ලා සිටීමට සිදු වූ බවත්, එහිදීද විවාද කාලය පැය භාගයකින් අඩු කළ බවත් ඔහු චෝදනා කළේය. ආණ්ඩුවේ මෙම හැසිරීම පිළිබඳව විපක්ෂයට පැහැදිලි නොමැති බවත්, ජනතා මුදල් සම්බන්ධ මෙවැනි ගැටලු සාකච්ඡාවට නොදීම බරපතල කරුණක් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම, සිද්ධියට සම්බන්ධ බව කියන මියගිය පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු බවත්, ඔහුගේ මරණය පිළිබඳවද විවිධ කතාබහ පවතින බවත් ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, ආණ්ඩුවේ නායකයන්ට මෙය සුළු කරුණක් ලෙස පෙනෙන්නට පුළුවන් නමුත්, මෙය රටේ ජනතාවගේ මුදල් සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් බවද මුජිබුර් රහුමාන් මහතා අවධාරණය කළේය.

"සීගිරිය කඩලා පෝට් සිටි හදනවා කිව්ව ළදරු'කතා අද කොහේද?" - කෝටි 80ක මූල්‍ය අර්බුදය ගැන නාමල්ගෙන් සැර ප්‍රහාරයක්

"සීගිරිය කඩලා පෝට් සිටි හදනවා කිව්ව ළදරු'කතා අද කොහේද?" - කෝටි 80ක මූල්‍ය අර්බුදය ගැන නාමල්ගෙන් සැර ප්‍රහාරයක්