හෝමූස් ප්‍රහාර සෙනෙහසින් කළ තට්ටු කිරීමක් – ජනපති ට්‍රම්ප්

Report

ඉරානය ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් සිදුකර අමෙරිකාව සහ ඉරානය අතර වෙඩි හුවමාරුවක් ඇතිව තිබෙන අතර, ඔවුන්ගේ මාසයක සටන් විරාමයට මේ හරහා නැවත වරක් තර්ජනයක් එල්ල වී තිබේ.

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නැව් දෙකක් ඉලක්ක කර සිවිල් ප්‍රදේශවලට පහර දීමෙන් අමෙරිකා හමුදා ආක්‍රමණයක් ආරම්භ කළ බවට ඉරානය චෝදනා කළ අතර, වොෂින්ටනය පළිගැනීමක් ලෙස අදාළ වෙඩි තැබීම් සිදු කර ඇතැයි සදහන් කරයි.

එම ප්‍රහාරයන් හුදු සුළු අනතුරු ඇඟවීමක් පමණක් බව පවසන ජනාධිපති ට්‍රම්ප්, වත්මන් කලාපීය තත්ත්වය පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කර ඇත. ​

ඉරාන ඉලක්ක වෙත එල්ල වූ ප්‍රහාරයන් හුදෙක් ‘සෙනෙහසින් සිදුකළ තට්ටු කිරීමක්’(love tap) වැනි සුළු මැදිහත්වීමක් පමණක් බව ඒබීසී පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

දෙපාර්ශවය අතර ඇති කරගත් සටන් විරාමය මේ වන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව ද ඔහු එහිදී සඳහන් කර ඇත.

කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ගනු ලබන මෙවැනි පියවරයන්හි වැදගත්කම පිළිබඳව ඔහු මෙහිදී කරුණු අනාවරණය කර තිබුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.