දකුණු කොරියාව ගිනි ගනී - උෂ්ණත්වය සෙල්සියස් 39ට - අද සෝල් නගරයට දරුණුම දවස
දකුණු කොරියාවට දැඩි ලෙස බලපා ඇති උණුසුම් කාලගුණ තත්ත්වය අගනුවර වන සෝල් නගරයේදී අද (06) උච්චතම අවස්ථාවට පත්වනු ඇතැයි අපේක්ෂා කර තිබේ
ඒ අනුව අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 (ෆැරන්හයිට් 102) දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, මෙම අක්‍රමවත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 20 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
අධික උණුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට ජනාධිපති ලී ජේ මියුං පවසා ඇත්තේ "අප කිසි දිනක අත්විඳ නැති පරිමාණයේ අධික උණුසුමක් දිනෙන් දින අඛණ්ඩව පවතී.
ලයිව් ඇවිත් කැමරාව ඉස්සරහම වෙඩි තබා මරා දැමූ ජනප්‍රිය ටික්ටොක් තරුව- අන්තිම තත්පරයේ කියූ තිගැස්සෙන කතාව
මීට පෙර විදේශීය ප්‍රවෘත්ති වාර්තාවලින් පමණක් දුටු උණුසුම් කාලගුණ තත්ත්වයන් දැන් අපගේ සැබෑ යථාර්ථය බවට පත්ව වෙලා ." යනුවෙනි.
ඒවගේම දවසේ උණුසුම්ම පැය කිහිපය තුළ එළිමහන් සේවකයන් සඳහා අනිවාර්ය විවේක කාල ලබා දීම දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ
මීට පෙර උණුසුම් කාලගුණයක් වාර්තා වී ඇත්තේ 2018 වසරේ අගෝස්තු මාසයේදී බවත් එය සෙල්සියස් අංශක 39.6 ක් බවත් වාර්තා වී තිබේ