ශ්‍රී ලංකාවට සුභ පණිවිඩයක් - රටට මෙච්චර ආදායමක්
දෙසැම්බර් මාසයේ මේ දක්වා විදෙස් සංචාරකයින් 115,000කට වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇත. ඒ අනුව, ආපදා තත්ත්වයක් මතු වුවද පසුගිය 17 වැනිදා දක්වා දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 115,616ක් වන අතර වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව ද 2,219,000 ඉක්මවා ගොස් ඇත.
මෙම තත්ත්වය තවදුරටත් පවත්වා ගතහොත් වැඩිම සංචාරකයින් මෙරටට පැමිණි වසර බවට මෙම වසර පත්කර ගත හැකි බව රජයේ පවසන අතර මෑත ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් 2018 වසරේ පැමිණ තිබූ අතර, එම සංඛ්‍යාව 2,333,596 ක් වේ.