ආන්දෝලනාත්මක ඝාතන නඩුවක ගොනුව නීතිපති දෙපාර්තමේන්තු වසා දමයි...

CID - Sri Lanka Police Sri Lanka Attorney General of Sri Lanka Crime Branch Criminal Investigation Department Prisons in Sri Lanka
By Piyumika Oct 17, 2024 02:17 AM GMT
Piyumika

Piyumika

Report

රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඒ, 2020 වසරේ නොවැම්බර් මස මහර බන්ධනාගාරය තුළ පැවති උද්ඝෝෂණයක් අතරතුර බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩිතැබීමකින් රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙනි.

ග්‍රැමී සම්මානයට නිර්දේශ වූ යොහානිගේ 'කෙල්ල'..

ග්‍රැමී සම්මානයට නිර්දේශ වූ යොහානිගේ 'කෙල්ල'..

නීතිපතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ, අදාළ සිද්ධිය අපරාධයක් බවත්, ඊට සම්බන්ධ නිලධාරින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති පසුබිමකය.

කොවිඩ් වැළඳී ඇත්දැයි තහවුරු කර ගැනීමට පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙස සහ කොවිඩ් වැළඳුණු රැඳවියන් නිසි ප්‍රතිකාර සඳහා රෝහල්වලට යොමුකරන ලෙස ඉල්ලමින් මහර බන්ධනාගාරයේ රැඳවියන් 2020 නොවැම්බර් 29 වනදා උද්ඝෝණයක් සිදුකර තිබුණි.

එහිදී බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩි තැබීමේදී රැඳවියන් 11දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

භයානක අනාවරණයක් ... රුධිර පාරවිලයනයට ගිහින් ජිවිතයම කණපිට පෙරලුනු හැටි..

භයානක අනාවරණයක් ... රුධිර පාරවිලයනයට ගිහින් ජිවිතයම කණපිට පෙරලුනු හැටි..

අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නීති කෘත්‍යයක් සලකාබැලූ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් 2023 අප්‍රේල් 26 වනදා වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන තීරණය කළේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනාගේ මරණ සිදුකිරීම අපරාධයක් බවය.

කැරැල්ලක් මැඩපැවැත්වීම සඳහා අවම බලය භාවිත කිරීමක් ලෙස වෙඩිතැබීම් සිදුකළ බවට නීතිපතිවරයා විසින් සාක්ෂි ඉදිරිපත් කළ ද මියගිය සිරකරුවන්ට වෙඩි වැදී තිබූ ආකාරය අනුව කැරැල්ලක් මැඩපැවැත්වීම සඳහා හෝ මානුෂීය මෙහෙයුමක් සඳහා වෙඩි තැබූ බවක් පෙනෙන්නට නැතැයි මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

මහෙස්ත්‍රාත්වරයා සිය තීන්දුව තුළ වැඩිදුරටත් පැහැදිලි කළේ අවම බලය පාවිච්චි කිරීමක් ලෙස දණහිසින් පහළට වෙඩි තැබීම සිදුකළ බවට සාක්කි ඉදිරිපත් වුව ද මරණයට පත්වූ රැඳවියන් 11 දෙනාම මියගොස් තිබූණේ හිස, බඩ, පපුව ආදී ප්‍රදේශවලට සිදුවූ වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාල නිසා බවය.

මතක තියාගන්න ඔවුන් ආපසු යයි..ඉතුරු වෙන්න ඔබලා..ඒක නිසා නටන් නැතුව මේ පාර ඡන්දය භාවිතා කරන්න..

මතක තියාගන්න ඔවුන් ආපසු යයි..ඉතුරු වෙන්න ඔබලා..ඒක නිසා නටන් නැතුව මේ පාර ඡන්දය භාවිතා කරන්න..

ඒ අනුව මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ මරණ සිදුකිරීම අපරාධයක් බව තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

කෙසේ වෙතත් අධිකරණය එවැනි නියෝගයක් නිකුත් කර තිබියදී ඉකුත් අගෝස්තු 30 වනදා නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට යැවූ ලිපියකින් දැනුම් දී ඇත්තේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනා මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙසය.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය නිකුත් කළ අදාළ ලිපියේ දැක්වෙන්නේ ප්‍රශ්නගත මහර බන්ධනාගාර සිදුවීමේදී බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්යය බළකාය නිත්‍යානුකූලව කටයුතු කර ඇති අතර නිලධාරින්ගේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ඉක්මවා කටයුතු කර නොමැති බව නිරීක්ෂණය වන බවය.

ශ්‍රී ලංකන් ගුවන්සේවය ගැන නව රජය තීරණයක් ගනී..

ශ්‍රී ලංකන් ගුවන්සේවය ගැන නව රජය තීරණයක් ගනී..

තවද බන්ධනාගාර ආඥාපනතේ 77 වගන්තියට අනුව බන්ධනාගාර නිලධාරින් ක්‍රියාකර ඇති බව විමර්ශන උධෘත අධ්‍යනයේදී පෙනී යන බවද එම ලිපියේ සඳහන් ය.

එබැවින් මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 11 දෙනෙකු මියයාම ගැන ඉදිරි පියවර ගැනීම අවශ්‍ය නොවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඒ සම්බන්ධයෙන් වන නීතිපති දෙපාර්තමේන්තුවේ ගොනුවද වසා දැමීමට පියවර ගෙන ඇති බව සඳහන් කර තිබේ.