ජාතියේම හෘද සාක්ෂිය කම්පා කළ මීගමුව බන්ධනාගාර ඛේදවාචකයට අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා විශේෂ නිවේදනයක්

Report

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ගැටුම්කාරී තත්ත්වය සහ රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට ප්‍රවාහනය කිරීමේදී සිදු වූ මරණ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරමින් “ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය” මඟින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව අඳාඅ නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ සමස්ත ජාතියේම හෘද සාක්ෂිය කම්පා කරවන මෙම ඛේදවාචකය පිළිබඳව පූර්ණ, සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයි.

එහි සඳහන් වන්නේ ඉකුත් ජූලි මස 5 වැනිදා ආරම්භ වූ ප්‍රචණ්ඩත්වය එදින සවස් වන විට පාලනය කර තිබුණද, ගැටුමට සම්බන්ධ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් එකිනෙකාගෙන් වෙන් කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර නොගැනීම නිසා තත්ත්වය තවදුරටත් උත්සන්න වූ බවයි.

හිටපු අමාත්‍ය එස්.බී ගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.බී ගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර අත්අඩංගුවට

එසේම ජූලි මස 6 වැනිදා උදෑසන රැඳවියන් ආහාර ගනිමින් සිටි අවස්ථාවක බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ඔවුන් වෙත යොමු කර තිබෙන බවත් එය රැඳවියන් කුපිත කරවීමට ගත් පියවරයක් බඳු බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ අතර අඳාළ නිවේදනයෙන් ඔවුන් විමසා ඇත්තේ ගැටුම පාලනය කිරීමට වඩාත් අවම බලයක් භාවිත කිරීමට හැකියාව තිබියදී, බන්ධනාගාර ආරක්ෂක නිලධාරියෙකු දොරක සිදුරක් තුළින් ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තැබීම සාධාරණීකරණය කරන්නේ කෙසේද යනුවෙන්.

ශ්‍රී ලන්කන් ගුවන් යානා 2 ක් මැදපෙරදිග යුද ගැටුමට මැදි වෙයි - ගුවන් අවකාශ වසා දැමීමත් සමඟ පැයකට අධික කාලයක් කුවේට් අහසේ

ශ්‍රී ලන්කන් ගුවන් යානා 2 ක් මැදපෙරදිග යුද ගැටුමට මැදි වෙයි - ගුවන් අවකාශ වසා දැමීමත් සමඟ පැයකට අධික කාලයක් කුවේට් අහසේ

ඒ අනුව එම ලිපියෙන් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය වැඩිදුරටත් සඳහන් කරන්නේ මිනිස් ජීවිත රැසක් අහිමි වෙමින් මෙවැනි දරුණු සිදුවීම් මාලාවක් රට තුළ සිදුවෙද්දී, විෂය භාර අධිකරණ අමාත්‍යවරයා මීගමුව බන්ධනාගාරය වෙත පැමිණීමට හෝ අදාළ හදිසි රැස්වීම්වලට සහභාගී නොවීම අතිශය කණගාටුවට කරුණක් බවයි.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

මේ අයට රජයෙන් අඩු පොළියට ණය - අලුත් බැංකු ක්‍රමයක් ආරම්භයි

මේ අයට රජයෙන් අඩු පොළියට ණය - අලුත් බැංකු ක්‍රමයක් ආරම්භයි

සම්පූර්ණ නිවේදනය පහතින්,

GalleryGalleryGalleryGalleryGallery