රාත්‍රියේදීත් රථවාහන දඩ ගෙවන්න අවස්ථාව..
Sri Lanka Police
Colombo
Kalutara
Sri Lanka
By Hashini
තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ රාත්‍රී සේවා සහිත තැපැල් කාර්යාලවලින් රාත්‍රී කාලයේදී රථ වාහන දඩ පත්‍රිකා භාරගැනීමට කටයුතු යොදා ඇති බවයි.
මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලබනවා.
සීතාවකපුර, කොටහේන, කොම්පඤ්ඤ වීථිය, බොරැල්ල, හැව්ලොක් ටවුන්, වැල්ලවත්ත, බත්තරමුල්ල සහ නුගේගොඩ තැපැල් කාර්යාලවලින් දඩ මුදල් ගෙවීමේ පහසුකම් සපයා තිබෙනවා.
එමෙන්ම තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, කළුතර යන තැපැල් කාර්යාලවලින්ද මෙම සේවාව ලබාගත හැකි බවයි.
