දේශබන්දු චෝදනා ප්‍රතික්ෂේප කරයි...

Sri Lanka Police Cricket Sri Lanka Cricket Sri Lanka
By Hashini Nov 14, 2023 09:36 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂඥ ආරක්ෂක උපදේශක තනතුරක් ලබා ගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත්වල කිසිඳු සත්‍යතාවක් නොමැති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතා පවසන්නේ ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශේෂඥ ආරක්ෂක උපදේශක තනතුරකට තමන් බඳවා ගත් බවට ලිපියක් තමා වෙත ලැබුණු බවයි.

ක්‍රිකට් ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදය පසුපස සැඟව ඇති සත්‍ය අනාවරණය කළ ආන්දෝලනාත්මක ලිපියක් එළියට.

ක්‍රිකට් ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදය පසුපස සැඟව ඇති සත්‍ය අනාවරණය කළ ආන්දෝලනාත්මක ලිපියක් එළියට.


නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ එවැනි ආකාරයේ තනතුරක් භාර ගැනීම සඳහා ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව අනුමැතියක් නොතිබුණු බැවින් එම තනතුර භාර නොගත් බවයි.

සමාජ මාධ්‍යවල ඒ සම්බන්ධයෙන් සංසරණය වන ප්‍රවෘත්ති සියල්ල අසත්‍ය අතර තමන් කිසි දිනෙක ශ්‍රී ලංකා ක්‍රිකට් ආතනයෙන් මූල්‍ය හෝ කිසිඳු වරප්‍රසාදයක් ලබා නොගත් බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ. 


Gallery
ReeCha