රජය හරහා වැඩි පඩියකට ඊශ්‍රායලයට යන්න චාන්ස් එකක්
ඊශ්‍රායල ජනගහන හා ආගමන අධිකාරියේ බලධාරීන් සමග ඊශ්‍රායල් රැකියා සම්බන්ධ ප්‍රථම තාක්ෂණික ඇගයීම් හා ප්‍රගති සමාලෝචන ඒකාබද්ධ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (22) පවත්වා ඇත.
මෙම රැස්වීමේදී විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ එම අධිකාරියේ බලධාරීන් අතර වාර්ෂික ප්‍රගති සමාලෝචන සහ තාක්ෂණික ඇගයීම් සිදු කරන ලදී.
රැස්වීමේදී දැනට ක්‍රියාත්මක වෙමින් පවතින නිවාස පාදක සාත්තු සේවා, කෘෂිකර්ම, ඉදිකිරීම්, හෝටල් ගෘහපාලනය, පිරිසිදු කිරීමේ සේවා, නිෂ්පාදන සහ අවන්හල් ආශ්‍රිත රැකියා ආදී ක්ෂේත්‍රවල පවතින ගැටළු හඳුනාගෙන ඒවාට වගකිවයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව අවධානය යොමු කරන ලදී.
මෙම සාකච්ඡාවේදී පසුගිය ප්‍රගති සමාලෝචනද සිදු කරන ලදී. ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා පැවැත්විණි. ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට ඊශ්‍රායල් රැකියා අවස්ථා ලබා ගැනීම පිළිබඳ දෙපාර්ශ්ව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ සහ ඊශ්‍රායල ජනගහන හා ආගමන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොෂේ නකාෂ් ගිවිසුමට අත්සන් තබා තිබේ.