නවුෆර් මවුලවි සහ සාදික්ට වසර 12 බැගින් සිරදඬුවම් - වනාතවිල්ලුව අවි සහ පුපුරණ ද්රව්ය නඩුවේ තීන්දුව දෙයි
By Malith Madushan
2018 වසරේ වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේදී ගිනිඅවි, ජීව උණ්ඩ සහ පුපුරණ ද්රව්ය නිෂ්පාදනයට අවශ්ය ඩෙටනේටර් ඇතුළු ද්රව්ය නීතිවිරෝධී ලෙස රැස්කිරීම ඇතුළු චෝදනා හතරකට වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට වසර 12 බැගින් බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර තිබේ.
කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය විසින් මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ මොහොමඩ් ඊබ්රාහිම් සාදික් සහ නවුෆර් මවුලවි යන විත්තිකරුවන් දෙදෙනාටය.
අධිචෝදනා පත්රයේ සඳහන් පළමු, දෙවැනි, අටවැනි සහ නවවැනි චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා වරදකරුවන් කර තිබේ. එම විත්තිකරුවන් දෙදෙනාට නියම කළ වසර 48 බැගින් වූ සිරදඬුවම් වසර 12කින් ගෙවී යන පරිදි ක්රියාත්මක කිරීමට අධිකරණය නියෝග කර ඇත.