වනෝද්‍යාන නැරඹීම සඳහා අද සිට ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර
වනෝද්‍යාන නැරඹීම සඳහා ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ අවස්ථාව අද (10) සිට ආරම්භ වේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන පරිදි, ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකිය.
ඊයේ (09) කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා දිගු පෝලිම් හේතුවෙන් සංචාරකයින් දැඩි අපහසුතාවයට පත්වූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙවැනි අපහසුතා වළක්වා ගැනීමේ අරමුණින්, ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක කර ඇත.