මුදල් තෑගි ගන්න ගිය කතකට වුණ අකරතැබ්බයක් - මෙහෙම දෙයක් නම්..

By krishani Mar 29, 2024 02:49 PM GMT
Report

වයෝවෘද්ධ කාන්තාවක් ෆේස්බුක් ඔස්සේ ඩොලර් 10000ක වංචාවකට හසු වූ පුවතක් පිළිබඳ තොරතුරු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

මුදල් තෑගි ගන්න ගිය කතකට වුණ අකරතැබ්බයක් - මෙහෙම දෙයක් නම්.. | Online Financial Scams

ඇයට ෆේස්බුක් ඔස්සේ ඩොලර් ලක්ෂ දෙකක මූල්‍ය ත්‍යාගයක් ලබා ගැනීම සඳහා ඩොලර් 10000ක් ආයෝජනය කරන ලෙසට පණිවුඩයක් ලැබී ඇත.

පසුව එයට ප්‍රතිචාර දැක්වීමට යෑමේ දී ඇය මෙලෙස මූල්‍ය වංචාවකට හසුවී ඇති බව වාර්තා වේ.

එම ත්‍යාගය පිළිබඳ පණිවිඩය ඇයගේ සමීපතම මිතුරියක් විසින් එවූවක් බව සඳහන් වේ.

නමුත් පසුව අනාවරණය වී ඇත්තේ අදාළ පුද්ගලයාගේ ගිණුම හැකර්වරුන්ගේ ග්‍රහණයට නතුව ඇති  බවයි.

කෙසේ වෙතත්, පසුව ඇය විසින් සිය මිතුරියට දුරකථන ඇමතුමක් ලබා දී සිද්ධිය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ එය වංචාවක් බවට තහවුරු කරගෙන තිබෙනවා.