ඔන්ලයින් ඩොලර් බද්ද අපි ගැහුවා නැහැ.. රනිල් 30%ක් ගහලා තිබ්බ එක අපි 15%ට අඩු කලා..

Report

අන්තර්ජාලය ඔස්සේ විදේශ මුදල් උපයන්නන් සඳහා තම රජය විසින් බද්දක් පැනවූවා නොව පසුගිය රජය විසින් පනවා තිබූ බද්දක් අඩු කිරීම සිදුකළ බව ආර්ථික නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කරයි.

පසුගිය රජය විසින් මෙම සේවාවන් සඳහා 30% බද්දක් පනවා තිබූ බවත් එය තම රජය පැමිණි පසු සියයට 15 දක්වා අඩු කිරීමට කටයුතු කළ බවත් ඔහු පැවසුවේය.

අවසරයක් නැතුව මේ වචන භාවිතා කරන බැහැ... මහ බැංකුව දැඩි ලෙස අවවාද කරයි.. වචන මොනවාදැයි මෙතනින් බලන්න

අවසරයක් නැතුව මේ වචන භාවිතා කරන බැහැ... මහ බැංකුව දැඩි ලෙස අවවාද කරයි.. වචන මොනවාදැයි මෙතනින් බලන්න

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කර රටට අවශ්‍ය විදිහේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පැවසුවේ මේවා බවද ඔහු සිරස නාලිකාවේ වැඩසටහනකදී කියා සිටියේය.

ලෝකයේ නවතම නීතිය අනුව බදු නිදහස් සේවාවන් ලබා නොදෙන බවත් කිසියම් රටකින් ලබාදෙන සේවාවක් සඳහා බදු එරටින් අය නොකරන්නේ නම් සේවාව ලබාගන්නා රටෙන් හෝ එම බද්ද පනවන බවත් ඔහු එහිදී පැවසුවේය.

ඒ අනුව අප විසින් මෙම බද්ද අය නොකලොත් කවුරුන් හෝ අය කරනා බවත් ඔහු තව දුරටත් පැවසීය.  

ජනතාවගේ සල්ලි වලින් හිටපු ජනපතිවරු රට සවාරි ගිය හැටි මෙන්න - වීඩියෝ

ජනතාවගේ සල්ලි වලින් හිටපු ජනපතිවරු රට සවාරි ගිය හැටි මෙන්න - වීඩියෝ