ලබන වසරේ සිට මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියනයක රක්ෂණයක්.

Sri Lanka Parliament Dinesh Gunawardena Sri Lanka Sri Lanka Cabinet
By Hashini Oct 30, 2023 05:07 AM GMT
Hashini

Hashini

Report

අගමැති දිනේෂ් ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් ලබන වසරේ සිට රුපියල් මිලියනයක රක්ෂණයක් ක්‍රියාත්මක වන බවයි.

ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන හට ඉක්මවන බව ද අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව රක්‍ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන අතර, වාර්ෂික අයවැය මඟින් එම ප්‍රතිපාදන ලබා දෙනු ලබනවා.

රක්‍ෂණ මුදල රුපියල් මිලියන හැට ඉක්මවන්නේ මන්ත්‍රීවරුන්ගේ වයස් සීමා වෙනස් වීම මත අය කරනු ලබන වාරික වටිනාකම වෙනස් වීම, සමාජ ආරක්ෂණ බද්දේ සහ එකතු කළ අගය මත බද්දෙහි සිදුවූ සංශෝධන මත බදු මුදල වෙනස් වීම හේතුවෙන් බව අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ReeCha