ඉරානයේ මාරක වංගුවකදී බස් රථයක් පෙරළී යයි - ගෑස් ව්‍යාපෘතියක සේවකයින් 12ක් මරුට

By Kanchana Nov 16, 2026 05:14 AM GMT
Report

ඉරානයේ බටහිර ප්‍රදේශයේදී සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්ව පෙරළී යාමෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, අනතුරට හේතුව සොයා ඉරාන බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 'ඩෙහ්ලෝරාන්' (Dehloran) ගෑස් සැකසුම් ව්‍යාපෘතියේ සේවකයින් 27 දෙනෙකු සහ රියදුරෙකු රැගත් මෙම බස් රථය සෙනසුරාදා සවස අනතුරට ලක්ව තිබෙනවා.

ඉරානය සහ ඉරාකය අතර දේශසීමාව ආසන්නයේ පිහිටි ඉලාම් (Ilam) පළාතේ දෂ්ට්-එ අබ්බාස් (Dasht-e Abbas) සහ මුර්මුරි (Murmuri) අතර මාර්ගයකදී බස් රථය පෙරළී ඇති බව සඳහන්.

අබ්දානාන් ප්‍රාන්තයේ ආණ්ඩුකාර බෙහ්සාද් නූර්මොහම්මදි රාජ්‍ය පුවත් ඒජන්සියක් වන IRNA වෙත ප්‍රකාශ කර ඇත්තේ, තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව තිදෙනෙකු මියයාමත් සමඟ මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගිය බවයි.

තුවාල ලැබූ කිහිපදෙනෙකුගේ තත්ත්වය ද බරපතළ බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට ඔහු අනතුරු අඟවා තිබෙනවා. අනතුරින් තුවාල ලැබූවන් අතරින් 10 දෙනෙකු දෙස්ෆුල් (Dezful) ප්‍රදේශයේ රෝහල් වෙතත්, පස්දෙනෙකු අබ්දානාන් සහ එක් අයෙකු ඉලාම් ප්‍රදේශයේ රෝහල් වෙතත් ඇතුළත් කර ඇති බව සඳහන්.

අනතුරට හේතුව සොයා විමර්ශන අනතුරට හේතුව මෙන්ම පුද්ගලයන්ගේ හෝ වගකිවයුතු රාජ්‍ය ආයතනවල නොසැලකිලිමත්කමක් ඊට බලපා තිබේද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන බව අබ්දානාන් ප්‍රදේශයේ අභිචෝදක අම්රොල්ලා මිසායි ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරට ලක්වූ බස් රථය ඉලාම් පළාතේ දකුණු ප්‍රදේශයේ පිහිටි 'ඩෙහ්ලෝරාන් NGL 3100' ස්වාභාවික ගෑස් ද්‍රව සැකසුම් ව්‍යාපෘතියේ සේවකයින් ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඉරාන මාධ්‍ය වාර්තාවලට අනුව,

අදාළ මාර්ගය පිළිබඳ හොඳින් දන්නා රියදුරෙකු පවසා ඇත්තේ බස් රථය පෙරළී ගිය වංගුව ආශ්‍රිතව මීට පෙර ද අනතුරු කිහිපයක් සිදුව ඇති බවයි.

ඉරානයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ගැටලු යළිත් කරළියට

මෙම අනතුර සිදුව ඇත්තේ ඉරානය තුළ මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින පසුබිමකයි.

පසුගිය වසර හතරක කාලය පුරාම එරට වාර්ෂිකව මාර්ග අනතුරු හේතුවෙන් මියයන පුද්ගලයින් සංඛ්‍යාව 19,000 ඉක්මවා ඇති බව වාර්තා වනවා.

ILNA පුවත් ඒජන්සිය උපුටා දක්වන ඉරාන අධිකරණ වෛද්‍ය සංවිධානයේ දත්තවලට අනුව, මාර්තු මාසයේ ආරම්භ වූ වත්මන් ඉරාන දින දර්ශන වර්ෂයේ පළමු මාස හය තුළ පමණක් මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 10,357 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලොරි රථයක පිටුපස ගැටුණු යතුරුපැදියක් අනතුරට - තරුණ ජීවිතයක් අකාලයේ නිවී යයි

ලොරි රථයක පිටුපස ගැටුණු යතුරුපැදියක් අනතුරට - තරුණ ජීවිතයක් අකාලයේ නිවී යයි

එලෙස මියගිය පුද්ගලයින් අතරින් 1,868 දෙනෙකු වයස අවුරුදු 18ත් 24ත් අතර පසුවූවන් වීම ද විශේෂත්වයක්. මේ අතර, ඉරාන කර්මාන්ත අමාත්‍ය මොහොමඩ් අටාබක් මෑතකදී ඉල්ලා ඇත්තේ නව වාහන ආරක්ෂණ ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම අවම වශයෙන් වසරකින් කල් දමන ලෙසයි.

විදේශ විනිමය හිඟය, හදිසි තත්ත්වයන් සහ වාහන නිෂ්පාදකයින් මුහුණ දෙන මූල්‍ය දුෂ්කරතා ඊට හේතු ලෙස ඔහු පෙන්වා දී තිබෙනවා.

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල