අමෙරිකාවේ ගුවන් ගමන්වලට තුන්වන දිනටත් බාධා - ගුවන් ගමන් 10,000කට බලපෑම්
අමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් ගමන් මෙහෙයුම්වලට අඛණ්ඩව තුන්වන දිනටත් දැඩි බාධා එල්ල වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඊයේ (15) දිනය වන විට ගුවන් ගමන් 10,000කට අධික සංඛ්‍යාවකට මෙම තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇත.
ගුවන් සේවා දත්ත වෙබ් අඩවි පෙන්වා දෙන්නේ ඊයේ දිනයේදී පමණක් අවලංගු කර ඇති ගුවන් ගමන් සංඛ්‍යාව 2,300කට අධික බවයි.
මේ වන විටත් ගුවන් සමාගම් සිය ගුවන් ගමන් කාලසටහන් යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.