මුලතිව් මුහුදු සීමාව ආක්‍රමණය කරන ඉන්දීය ධීවරයින්ට දැඩි අනතුරු ඇඟවීමක් - අත්අඩංගුවට ගැනීම අනිවාර්යයි

Report

මුලතිව් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වන ඉන්දීය ධීවර යාත්‍රා හේතුවෙන් ශ්‍රී ලාංකික ධීවරයින්ගේ දැල් හා බෝට්ටුවලට හානි සිදුවනවා සේම මෙරට සමුද්‍ර සම්පත් ද විනාශ වෙමින් පවතින බව ධීවර හා සමුද්‍ර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පවසයි.

ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී මෙරට ධීවරයින්ගේ ධීවර දැල් සහ බෝට්ටුවලට හානි සිදුකරමින් සමුද්‍ර සම්පත් විනාශ කරන බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් සමඟ අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම තමිල්නාඩු රජයේ වගකීමක් බව ද අවධාරණය කළේය.

අද සවස රටම බයෙන් සිටි සුළි කුණාටුව ගැන නිවේදනයක් - හෙට තත්ත්වය තවත් ප්‍රබලයි

අද සවස රටම බයෙන් සිටි සුළි කුණාටුව ගැන නිවේදනයක් - හෙට තත්ත්වය තවත් ප්‍රබලයි

මේ අතර, තමිල්නාඩු මහ ඇමති විජේ මහතාගෙන් ද අමාත්‍යවරයා විශේෂ ඉල්ලීමක් කර තිබේ.

චිත්‍රපට තුළින් අසාධාරණයට එරෙහිව හඬ නැගූ විජේ මහතා මේ වන විට තමිල්නාඩු මහ ඇමතිවරයා ලෙස කටයුතු කරන බැවින්, ශ්‍රී ලාංකික ධීවරයින් මුහුණ දෙන මෙම ගැටලුව විසඳීමට මැදිහත් වන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

තවද, ඇතැම් මත්ස්‍ය වෙළෙන්දන් කුලී කම්කරුවන් යොදා ගනිමින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වී සමුද්‍ර සම්පත් කොල්ලකන බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය.

එවැනි නීතිවිරෝධී ක්‍රියාවල නිරත වන පාර්ශ්වයන් විසින් දෙරට අතර පවතින ඥාති සබඳතා පිළිබඳව කතා කිරීම පිළිගත නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

නාමල් අධිකරණයට - ක්‍රිෂ් නඩුවේ උණුසුම මැද මේ අයට සිතාසි භාරදී ඇත්දැයි සොයන්න නියෝග

නාමල් අධිකරණයට - ක්‍රිෂ් නඩුවේ උණුසුම මැද මේ අයට සිතාසි භාරදී ඇත්දැයි සොයන්න නියෝග

මෙවැනි මුහුදු සීමා උල්ලංඝනය කිරීම් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ඒ වෙනුවෙන් වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමටත් තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව, ඉදිරියේදී ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වන ඉන්දීය ධීවර බෝට්ටු අත්අඩංගුවට ගැනීම අනිවාර්යයෙන් සිදුවනු ඇති බවට ද ඔහු අනතුරු ඇඟවීය.

උතුරේ ධීවර ජනතාවගේ ජීවනෝපායට මෙන්ම අනාගතයට ද දැඩි බලපෑමක් එල්ල කරන මෙම ක්‍රියාකාරකම් තවදුරටත් ඉවසා සිටිය නොහැකි බව අවධාරණය කළ අමාත්‍යවරයා, නීතිවිරෝධී ධීවර කටයුතු වහාම නතර කරන ලෙස ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම ගැටලුව විසඳීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල