රසික හදවත් සනසමින් කීර්ති පැස්කුවෙල් සිය සෞඛ්‍ය තත්ත්වය ගැන නිල වශයෙන් දැනුම් දෙයි
මේ වනවිට කීර්ති පැස්කුවෙල් මහතාගේ තත්වය යහපත් බව ඔහු සිය නිළ facebook ගිණුමෙන් ප්‍රේක්ෂකයන් වෙත දැනුම් දී තිබේ
ඒ අනුව මේ වන ඔහු සුවෙන් පසුවන බවත් ඔහු තම ප්‍රේක්ෂයන් වෙත දැනුම් දීමක් සිදු කර තිබේ . ඔහු ප්‍රේක්ෂකයන් වෙත නිළ වශයන් දැන්ම් දුන් සටහන පහතින්
ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතා සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන විවිධ කටකතා සහ ප්රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව තහවුරු වී තිබෙනවා
ඔහු ඉතා සුවයෙන් පසුවන බව ද තහවුරු කර ඇති අතර, මෙවැනි වගකීම් විරහිත අසත්‍ය තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම, සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි පුවත් දුටු පමණින් ඒවායේ සත්‍යතාව තහවුරු කර නොගෙන විශ්වාස කිරීමෙන් සහ හුවමාරු කිරීමෙන් වළකින ලෙස ද ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයට සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන අපේ ආදරණීය කලාකරුවා වන කීර්ති පැස්කුවෙල් මහතාට තව තවත් කාලයක් සුවෙන් සිටිමින් සිය කලා කටයුතු ඉදිරියට ගෙන යාමට දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමු.