ඊශ්‍රායලයේ රැකියාවකට යන්න මග බලන් ඉන්න ඔයාට සුබම සුබ ආරංචියක්
By Mithu
ඊශ්‍රායලයේ අවන්හල්, හෝටල් හා ගෘහපාලන, නිෂ්පාදන හා කෘෂිකර්මාන්ත යන අංශවල රැකියා සඳහා මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 2,994 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
මීට අමතරව ලබන 18 වැනිදා තවත් ශ්‍රී ලාංකිකයින් 261 දෙනෙකු ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිත බව ද එම කාර්යාංශය පවසයි.
මෙච්චර කාලයක් තිබ්බ ශ්‍රී ලංකා පොලිසියේ කාකි නිල ඇඳුම වෙනස් වෙයි - අලුත් නිල ඇඳුම මේකද? රටම නොඉවසිල්ලෙන්
එම කණ්ඩායමට අවන්හල් ආශ්‍රිත රැකියා සඳහා 158 දෙනෙකු ද, හෝටල්, ගෘහපාලන, නිෂ්පාදන හා කෘෂිකර්මාන්ත ආශ්‍රිත රැකියා සඳහා 103 දෙනෙකු ද ඇතුළත් වේ.
මේ වන විට රජයේ මාර්ගයෙන් සහ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් ඊශ්‍රායලයේ සියලුම ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 14,349 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.