ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීමේ එක්දින සේවාව ඇරඹේ..ලබා දෙන ස්ථාන සියල්ල මෙන්න.

COVID19 NIC BATTARAMULLA GRAMA NILADARI
By Sewvandhi Oct 25, 2021 09:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීමේ එක්දින සේවාව අද (25) සිට නැවත ආරම්භ විය. ඒ අනුව, බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් සහ දකුණු පළාත් කාර්යාලය මගින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක වන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එක්දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන සේවාලාභීන් තම ඉල්ලුම්පත ග්‍රාම නිලධාරීවරයා මගින් සහතික කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි ජාතික හැඳුනුම්පත් ශාඛා කාර්යාලය වෙත යොමු කළ යුතුය.

එක්දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා පැමිණීමේදී කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරවාගෙන පැමිණිය යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ජාතික හැඳුනුම්පත් සම්බන්ධයෙන් මහජනතාව වෙත සැපයෙන අනෙකුත් සේවාවන් පිළිබඳව වැඩිදුර විමසීම සඳහා පහත දුරකථන අංක ඔස්සේ සහ info@drp.lk විද්‍යුත් ලිපිනය හරහා තොරතුරු ලබාගත හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසීය.

ප්‍රධාන කාර්යාලය - 011 5226126 / 011 5226100

දකුණු පළාත් කාර්යාලය - 091 2228348

වයඹ පළාත් කාර්යාලය - 037 2224337

නැගෙනහිර පළාත් කාර්යාලය - 065 2229449

උතුරු පළාත් කාර්යාලය - 024 2227201


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.