තවත් නගරයක් වසා දැමේ.
sri lanka
covid 19
Corona virua
By Sithumi
හෙට (15) සිට අම්බලන්තොට නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට අම්බලන්තොට වෙළඳ සංගමය තීරණය කර තිබේ.
අම්බලන්තොට අවට ප්‍රදේශවල කොරෝනා පැතිරීමේ දැඩි අවදානමක් ඇති බැවින් එම ප්‍රදේශවල ජනතාව නිරන්තරයෙන් අම්බලන්තොට නගරය වෙත පිවිසීම හේතුවෙන් වෙළෙඳ සංගමය මෙම තීරණය ගෙන ඇත.
අම්බලන්තොට වෙළෙඳ සංගමයේ ලේකම් ඒ. එච්. ප්‍රේමචන්ද්‍ර මහතා කියා සිටියේ මෙම තීරණය සතියක පමණ කාලයක් ක්‍රියාත්මක කරන බවත් ඉදිරියේදී රටේ තත්ත්වය සලකාබලා වෙළෙඳසැල් විවෘත කිරීමට හෝ තවදුරටත් වසා තැබීමට තීරණයක් ගන්නා බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |