ඔමික්‍රෝන් කෝවිඩ්-19 අවසන් ප්‍රභේදය නොවෙයි

covid19 corona virus sinhala news omicron srilanka updates
By Gagana Dec 06, 2021 11:47 PM GMT
Gagana

Gagana

Report

ඔමික්‍රෝන් ප්‍රභේදය, කෝවිඩ්-19 අවසන් ප්‍රභේදය වන බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය වන බවට කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

හෙතෙම පෙන්වා දුන්නේ, වෛරසය පවතිනතාක් විකෘතිතා ඇති විය හැකි බවයි.

ඒ අනුව මින් ඉදිරියටද තවත් නව ප්‍රභේද ඇති විය හැකි බැවින් අසත්‍ය ප්‍රචාර පිළිබඳ අවධානය යොමු නොකරමින් නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව වගබලාගත යුතු බවට විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

මේ අතර කෝවිඩ් මර්දන බූස්ටර් මාත්‍රාව ලබාගැනීමෙන් කිසිදු යහපතක් ඇති නොවන බවට ඇතැම් පුද්ගලයන් විසින් සිදුකරන ප්‍රකාශයන්ද පදනම් විරහිත වන බවට විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේ, සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කිරීම හා එන්නත්කරණය මගින් නව ප්‍රභේදවලට ‘අත වැනීම’ අවම කෙරෙන බවත්, එසේම එය විද්‍යාත්මකව ඔප්පු කර ඇති සත්‍යයක් වන බවත්ය.  


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
JOIN NOW