ඔමික්‍රෝන් ගැන අනතුරු ඇඟවීමක්

By Sithumi Dec 03, 2021 11:18 AM GMT
Sithumi

Sithumi

Report

ඔමික්‍රෝන් ප්‍රභේදය හිතුවාටත් වඩා ලොව පුරා පැතිරගොස් තිබිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ඔවුන් පවසන්නේ ලොව සියලුම රටවල් එම කොවිඩ් ප්‍රභේදය ට මුහුණදීමට සූදානමින් සිටිම වැදගත් බවය.

"නව ආසාදිතයින් බහුල වෙයි. සියලුදෙනා ඊට සූදානම් විය යුතුයි," යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය. නමුත් මෙම වෛරස් ප්‍රභේදය ආසාදිතයින් ට රෝග තත්ත්වය උග්‍ර වන්නේද යන්න පිළිබඳව මෙතෙක් හඳුනාගෙන නොමැති බව විශේෂඥයින් පවසයි. 

   මේ අතර, ශ්‍රී ලංකාවෙන් පළමුවරට ඔමික්‍රෝන් ආසාදිතයෙක් අද හඳුනාගැණුනි. ඒ 25 හැවිරිදි කාන්තාවකි. ඇය මෑතකදී නයිජීරියාවේ සංචාරය කර ඇති බව හෙළිවිය.