ඔමික්‍රොන් ගැන වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් දැනුම් දීමක්..
ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදයට ප්‍රතිචාර දැක්වීම සඳහා බූස්ටර් එන්නත ප්‍රමාණවත් නොවන බවට, පැතිර යන මතවාදවල කිසිදු සත්‍යතාවක් නොමැති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා.
ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයත් සමඟ ඇති වී තිබෙන දකුණු අප්‍රිකාවේ 4 වන කොරෝනා රැල්ල සඳහා එරට රෝහල් සූදානම් කරමින් පවතින බව ජනාධිපති සිරිල් රමෆෝසා ප්‍රකාශ කළා.
පසුගිය මාසයේ දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයා ගැනුණු ඔමික්‍රොන් ප්‍රභේදය මේ වන විට ලොව රටවල් 40කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති අතර, ඩෙල්ටා ප්‍රභේදයට වඩා සම්ප්‍රේෂණ හැකියාවකින් යුක්ත බව සඳහන්.
මේ අතර, දකුණු අප්‍රිකානු රෝහල් පද්ධතියෙන් ලබා ගත් මූලික දත්තවලට පෙනී ගොස් ඇත්තේ, ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුවත් රෝගීන්ට වෛද්‍ය මැදිහත්වීමක් අවශ්‍ය වන්නේ අවම වශයෙන් බවයි.
එහිදී ඔක්සිජන් ලබාදීමට තරම් අසාධ්‍ය තත්ත්වයට පත් වී ඇත්තේ ඔමික්‍රොන් ආසාදිතයින් සුළු ප්‍රතිශතයකට බව හෙළි වී තිබෙනවා.
ඔමික්‍රොන් වෛරසය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා තිබූණා.
මේ අතර, ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 741 දෙනෙකු වාර්තා වූ අතර මරණ 23ක් ද වාර්තා වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |