ජනප්‍රිය TikTok තරුවකට වෙඩි තබා ඝාතනය කරලා.. (PHOTOS)

Shooting TikTok Death Gun Shooting Latest Headlines
By krishani Apr 27, 2024 09:53 AM GMT
krishani

krishani

Report

ඉරාකයේ ඕම් ෆහාඩ් නම් කාන්තාව බැග්ඩෑඩ් හි ඇගේ නිවස ආසන්නයේ දී වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ජනප්‍රිය TikTok තරුවකට වෙඩි තබා ඝාතනය කරලා.. (PHOTOS) | Om Fahad Is Shot In Iraq

ඇය දැඩිව සමාජ මාධ්‍ය බලපෑම් කරන්නියක ලෙස සැළකෙයි.

ටික්ටොක් හි ඇය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පෝප් සංගීතයට හැඩ ගන්වන ඇඳුම්වලින් සැරසී නර්තනයේ යෙදෙන වීඩියෝ මගින් වේ.

දස දහස් ගණනක් අනුගාමිකයින් ද සිටින ඇයගේ සැබෑ නම ගුර්ෆාන් සවාදි වේ.

ඇගේ මෝටර් රථයට වෙඩි තබා ඇත්තේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු විසින් බවට තොරතුරු වාර්තා වේ.

ජනප්‍රිය TikTok තරුවකට වෙඩි තබා ඝාතනය කරලා.. (PHOTOS) | Om Fahad Is Shot In Iraq

විනීතභාවය සහ පොදු සදාචාරය‍ හෑල්ලු‍ කළ බවට චෝදනා කරමින් ඕම් ෆහාඩ්ට අධිකරණය පසුගිය වසරේ මාස හයක සිරදඬුවමක් ද නියම කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් තවත් කාන්තාවක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.