සාමාන්‍ය පෙළ විභාගයේ විෂයක් සම්බන්ධයෙන් මතුව ආ විශේෂ කාරණය - දරුවන් 39,000ක් අසමත් වෙලා.. භයානක තත්ත්වයක්?. (VIDEO)

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Sri Lankan Schools Education
By krishani Dec 08, 2023 04:37 PM GMT
krishani

krishani

Report

2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය සතියේ නිකුත් කෙරිණ.

සාමාන්‍ය පෙළ විභාගයේ විෂයක් සම්බන්ධයෙන් මතුව ආ විශේෂ කාරණය - දරුවන් 39,000ක් අසමත් වෙලා.. භයානක තත්ත්වයක්?. (VIDEO) | Ol Examination In Sri Lanka

එහිදී වඩාත් කතාබහට ලක්වූ කරුණක් වූයේ බුද්ධ ධර්මය විෂයයි.

එම ප්‍රතිඵල වලට අනුව 2022 සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මය විෂයට පෙනී සිටී දරුවන්ගෙන් 39,000ක් එම විෂය අසමත්ව තිබෙනවා.

උසස් පෙළ කල් යයි ද?. ඒ ගැන විභාග දෙපාර්තමේන්තුව කියන අලුත්ම කතාව.. ලබන සතියේ කරන්න යන දෙයක් ගැනත් දැනුම්දීමක් මෙන්න.

උසස් පෙළ කල් යයි ද?. ඒ ගැන විභාග දෙපාර්තමේන්තුව කියන අලුත්ම කතාව.. ලබන සතියේ කරන්න යන දෙයක් ගැනත් දැනුම්දීමක් මෙන්න.


ඒ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය කොමසාරිස් ලසික සමරකෝන් මහතා සඳහන් කළේ ය.

එමෙන්ම ඔහු පවසන්නේ, මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.

මේ අතර පාසල් සහ පෞද්ගලික යන දෙඅංශයෙන්ම විභාගයට මෙවර පෙනී සිටි අයදුම්කරුවන් ගණන 472,553ක් වේ.

ඔවුන්ගෙන් උසස් පෙළ විභාගය සඳහා සිසුන් 236,041ක් සුදුසුකම් ලබා තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගයේ විෂයක් සම්බන්ධයෙන් මතුව ආ විශේෂ කාරණය - දරුවන් 39,000ක් අසමත් වෙලා.. භයානක තත්ත්වයක්?. (VIDEO) | Ol Examination In Sri Lanka

පසුගිය විභාගයට සාපේක්ෂව එම ප්‍රතිශතය පවතින්නේ අඩු මට්ටමකින් ය. 

කෙසේ වෙතත්, A9 සාමර්ථ්‍ය හිමි දරුවන් ගණන 13,380ක් වන අතර එහි මෙවර වැඩිවීමක් දැකිය හැකි බව වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ ය.

වීඩියෝ දර්ශන - Ada Derana


ReeCha