උසස් පෙළ කල් යයි ද?. ඒ ගැන විභාග දෙපාර්තමේන්තුව කියන අලුත්ම කතාව.. ලබන සතියේ කරන්න යන දෙයක් ගැනත් දැනුම්දීමක් මෙන්න.

Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Sri Lankan Schools Education
By Sithumi Dec 07, 2023 01:33 AM GMT
Sithumi

Sithumi

Report

මෙවර උසස් පෙළ විභාගය කිසිදු හේතුවක් මත කල් දැමීමක් සිදු නොකිරීමට තීරණය කර තිබෙනවා.

උසස් පෙළ කල් යයි ද?. ඒ ගැන විභාග දෙපාර්තමේන්තුව කියන අලුත්ම කතාව.. ලබන සතියේ කරන්න යන දෙයක් ගැනත් දැනුම්දීමක් මෙන්න. | A L Examination Due Date

ඒ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම, විභාගයට අදාළ ප්‍රවේශපත්‍ර ලබන සතියේ නිකුත් කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර, පාවහන් තිළිණපත් ලබාදෙන සිසුන් සංඛ්‍යාව ලක්ෂ 10ක් දක්වා වැඩිකිරීමට අපේක්ෂා කර තිබෙනවා.

ඒ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව කියා සිටියේ, පෙරේදා (05) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් අවස්ථාවේ දී ය.

අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, පාසල් දරුවන්ට පාවහන් ලබාදීම වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2500ක් වෙන් කර ඇති බවයි.

එමෙන්ම, වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ එළඹෙන වසරේ මුල වන විට මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා ගුරු හිඟය සම්පූර්ණයෙන් පියවීමට අපේක්ෂා කරන බවයි.

05 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසී..? ප්‍රබලයෙක් කියපු දේ මෙන්න.

05 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසී..? ප්‍රබලයෙක් කියපු දේ මෙන්න.


ReeCha