වෛද්‍ය මහේෂිගේ දියණියට ඇප
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් රිමාන්ඩ් භාරයේ සිටින විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියට ඇප ලබා දී තිබෙනවා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයාගේ දියණිය රුපියල් ලක්ෂ 5 ක ඇප මත මුදා හැරීමට නියෝග කරනු ලැබුවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කළ බවට චෝදනා එල්ල වී ඇති 21 හැවිරිදි ඇය කෙසෙල්වත්ත පොලිසිය විසින් සඳුදා අත්අඩංගුවට ගන්නා ලදී.
විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න, ඇය අනුබද්ධිත පෞද්ගලික සමාගමක් හරහා රුපියල් 50,000 ක් වටිනා වෛද්‍ය උපකරණ රුපියල් 175,000 කට රෝගීන්ට අලෙවි කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙමගින් රෝගීන්ට රුපියල් මිලියන 300 කට අධික පාඩුවක් සිදු වූ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පැවසුවේ වෛද්‍ය උපකරණ ඇගේ පෞද්ගලික සමාගම හරහා තවත් දෙදෙනෙකුගේ සහාය ඇතිව රෝගීන් 300 කට පමණ අලෙවි කර ඇති බවයි.
