පෙට්ට්‍රල් 19කින්, ඩීසල් 52කින් මිල වැඩි කල යුතුයි!!..මහ බැංකු අධිපති මාධ්‍යට කියයි..
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් දැනටමත් ඉඟි ලබා දී ඇති බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරනවා.
ඔහු මේ බව සඳහන් කරන්නේ බ්ලූම්බර්ග් නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇතැම් වෙනස්කම් කරමින් සිටින බවද පවසන ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියද ලබාදෙන්නේ එවන් උපදෙස් බවද සඳහන් කළා.
නමුත් දැනටමත් ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටින බව ද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.
මේ අතර වහාම ඉන්ධන මිල වැඩි කිරීමක් නොකළ හොත් ඉන්ධන මිලදී ගැනීම සඳහා මුදල් නැතිවන බව බලශක්ති අමාත්‍ය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
අද වන විට පෙට්ට්‍රල් ලීටරයකින් රුපියල් 19ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 52ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 35ක් සංස්ථාව පාඩු ලබමින් සිටින බව ද හෙතෙම පැවසීය.
එම පාඩුව කොහෙන් හෝ පියවිය යුතු බවත් භාණ්ඩාගාරයෙන් මෙය සහනාධාරයක් ලෙස ලබා නොදෙන්නේ නම් අදාල පාඩු ලබන ගණන්වලින් ඉන්ධන මිල වැඩි කල යුතුව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |