ඉතිහාසයේ වැඩිම මිලට පෙට්‍රල් සහ ඩීසල් වැඩිවෙයි?..වැඩි වන නව මිල ගණන් මෙන්න..

Sri Lanka Petrol Oil prices Deasal
By Aruna Feb 16, 2022 02:47 AM GMT
Aruna

Aruna

Report

ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ නැගීම සඳහා වන යෝජනාව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට දෙවන වතාවටත් ඉදිරිපත් කර තිබෙනවා.

පෙට්‍රල් සහ ඩීසල් අලෙවියෙන් සිදුවන පාඩුව පියවා ගැනීමට මිල වැඩිකිරීමක් මේ මොහොතේ අත්‍යවශ්‍ය බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර ඇත.

දැනට සංස්ථාව පෙට්‍රල් ලීටරයක් රුපියල් 177 අලෙවි කරන අතර යෝජනා කර ඇත්තේ එය රුපියල් 192 දක්වා ඉහළ නැංවිය යුතු බවටයි.

සංස්ථා ඩීසල් ලීටරයක් දැනට අලෙවි වන්නේ රුපියල් 121කට වන අතර එය රුපියල් 169 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවද යෝජනාවේ සඳහන් වෙයි.

මෙම මිල වැඩිකිරීම අනුමත වුවහොත් එය ඉතිහාසයේ පෙට‍්‍රල් හා ඩීසල් අලෙවි වන ඉහලම මිල වනු ඇති බව වාර්තා වේ.

ඉන්ධන මිල යළි ඉහළ යනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ඊයේ(15) දිගු පෝලිම් දක්නට ලැබුණි.

පිරවුම්හල් කිහිපයක ඉන්ධන නොමැතිකම හේතුවෙන් තමන් අපහසුතාවට පත් වුණු බව ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන් ප්‍රකාශ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now