කිලෝ ගණනක හෙරොයින් නඩුව අවසන් – වරදකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Report

හෙරොයින් ග්‍රෑම් 3.074ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට අනුරාධපුර පළාත්බද මහාධිකරණය විසින් අද (30) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී ඇත්තේ කැකිරාව පාර, තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකුටය.

අදාළ නඩුව වසර හතරකට අධික කාලයක් අනුරාධපුර මහාධිකරණයේ විභාග වී ඇති අතර, පැමිණිල්ල විසින් සැකයෙන් තොරව චෝදනා සනාථ කිරීමෙන් අනතුරුව අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුට මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇති බව වාර්තා වේ.

සේවකයන්ට මගෙන් වැරැද්දක් වුණා ඒකට සමාවෙන්න - මිස්ටර් කොත්තු සියල්ල පාපොච්චාරණය කරමින් ලංකාවෙන්ම සමාව ඉල්ලයි

සේවකයන්ට මගෙන් වැරැද්දක් වුණා ඒකට සමාවෙන්න - මිස්ටර් කොත්තු සියල්ල පාපොච්චාරණය කරමින් ලංකාවෙන්ම සමාව ඉල්ලයි

පරිපාලන දෝෂ නිසා අලුත්ගම දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කෙරේ -මගීන් දැඩි පීඩාවක

පරිපාලන දෝෂ නිසා අලුත්ගම දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කෙරේ -මගීන් දැඩි පීඩාවක