ලෝකයම හොල්ලපු ඉත්තෑ පැටියාගේ වීඩියෝවේ ඇත්තම කතාව මෙන්න
බොහෝ දෙනෙක් ළංවීමට භයක් දක්වන ඉත්තෑ පැටියෙකුට ආදරය කරන පුංචි ගෑණු ළමයෙක්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා දැකගත හැකිය.
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයක් දිනාගත් වීඩියෝවක දැක්වෙන්නේ, පුංචි දියණියක පසුපස ආදරයෙන් දුවන ඉත්තෑ පැටියෙකුගේ හුරුබුහුටි දර්ශනයක් .
මෙම දර්ශනය මුලින් විදේශ රටක සිදුවීමක් ලෙස වැරදි ලෙස හුවමාරු වී තිබූ අතර, පසුව එය ශ්‍රී ලංකාවේ පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වූ අපූ සිදුවීමක් මෙම දියණිය එම ඉත්තෑ පැටියාව බෝතලයෙන් කිරි පොවමින් ආදරයෙන් පෝෂණය කර තිබෙනවා .
එම හේතුවෙන් සත්වයා ඇයට දැඩි ලෙස බැඳී සිටින බව ද වීඩියෝ දර්ශනවලින් පැහැදිළි වී ඇත කුඹුරු පාරකින් ගමන් කරන දියණිය පසුපස ඉත්තෑ පැටියා දුවන දර්ශනය සමාජ මාධ්‍ය භාවිතාකරුවන් අතර දැඩි ආකර්ෂණයක් දිනාගෙන ඇති අතර, ඇතැම් ජාත්‍යන්තර සමාජ මාධ්‍ය තුළද මෙම දර්ශනය බෙහෙවින් ජනප්‍රිය වී තිබේ.
වීඩියෝවේ ශ්‍රව්‍ය දර්ශන හරහා “දුර වැඩිද?” යනුවෙන් දියණිය සිංහලෙන් ප්‍රකාශ කරන හඬ ඇසීමත් සමඟ මෙය ශ්‍රී ලංකාවේ සිදුවීමක් බව තහවුරුය .
මෙම සිදුවීම සත්ව-මිනිස් සබඳතාවයේ කරුණාව සහ ආදරය මගින් සතුන්ගේ හැසිරීමද මෘදු කළ හැකි බවට සමාජයට ආදර්ශයක් සපයන බව සදහන්වේ '