නාවික හමුදාපති කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වත්මන් නාවික හමුදාපති කාංචන බානගොඩ මහතා නාවික හමුදාවේ ඉහළම තනතුරක් වන අද්මිරාල් ධුරය වෙත නිල වශයෙන් උසස් කර තිබේ.
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා ඉකුත් 1989 වර්ෂයේදී 19 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට මුලින්ම එක් වී තිබේ.
අපිට බලන්නවත් පිටපතක් දුන්නෑ වුණු පොරොන්දු කැඩුවා - රැජිණියේ චිත්‍රපටය සම්බන්ධයෙන් සමනලී ෆොන්සේකා ඇතුළු පවුලේ උදවියගෙන් දැඩි විරෝධයක්
ඒ අනුව වසර ගණනාවක උදාර හමුදා සේවයකින් අනතුරුව ඒ මහතා හෙට 01 වනදා දිනයේ දී නාවික හමුදාපති ධුරයෙන් නිල වශයෙන් විශ්‍රාමයෑමට නියමිතව ඇත.
පසුගිය 2024 වසරේ 12 මස 31 වනදා බානගොඩ මහතා මෙරට 26 වන නාවික හමුදාපතිවරයා ලෙස උත්කර්ෂවත් අන්දමින් පත්වූ අතර ඔහු සිය ධුර කාලය තුළ නාවික හමුදාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ කීර්තිමත් නිලධාරියෙකි.