චීන දුම්වැටි රැල්ලක් කටුනායකදී නවතයි – තොගයම රේගු භාරයට ගනී

Report

රුපියල් ලක්ෂ 64කට අධික වටිනාකමකින් යුත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දුම්වැටි තොගය කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ ඔස්සේ පිටකර ගෙන යමින් සිටියදී අද (30) අලුයම රේගු නිලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් වූවන් අතර චීන ජාතික කාන්තාවක්, චීන ජාතික පිරිමි පුද්ගලයෙකු සහ හොංකොං ජාතිකයෙකු සිටින අතර ඔවුන් සියලුදෙනා වයස අවුරුදු 25ක් පමණ වන ව්‍යාපාරිකයන් බව සඳහන් වේ.

ඝාතන 5ක නඩුවක් නිසා පිල්ලෙයාන් වැලිකඩින් දැඩි ආරක්ෂාවක් මැද මඩකලපුව උසාවියට- තීන්දුව මෙන්න

ඝාතන 5ක නඩුවක් නිසා පිල්ලෙයාන් වැලිකඩින් දැඩි ආරක්ෂාවක් මැද මඩකලපුව උසාවියට- තීන්දුව මෙන්න

ඔවුන් අද අලුයම 02ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර, ඔවුන් රැගෙන ආ ගමන් මලු තුළ බිස්කට් අඩංගු පෙට්ටිවල බිස්කට් ඉවත් කර, චීනයේ නිෂ්පාදිත දුම්වැටි 42,720ක් (දුම්වැටි 20 බැගින් අඩංගු පැකැට් 2,136ක්) සඟවා තිබූ බව රේගුව පවසයි.

කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් මොවුන් රඳවා තබාගෙන මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර ඇත.

මේ අතර, අදාළ දුම්වැටි තොගය රාජසන්තක කර ඇති අතර, සැකකරුවන් තිදෙනාට රුපියල් දෙලක්ෂ විසිදහසක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර ඇති බව වාර්තා වේ.

හෝකන්දරින් අහුවුණු 25 හැවිරිදි තරුණයාගේ රහස

හෝකන්දරින් අහුවුණු 25 හැවිරිදි තරුණයාගේ රහස