වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ගැටලුවක් - නව දුරකථන අංකය දෙකක් හදුන්වා දෙයි

Report

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ දී මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට තොරතුරු ඇතුලත් කිරීම සම්බන්ධව මතු වන ඕනෑම තාක්ෂණික හෝ පරිපාලනමය ගැටළුවක් ඇත්නම් එය කොමිෂන් සභාවේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අංශයේ 0767011954 සහ 0112587287 යන නිල දුරකථන අංක මඟින් සෘජුවම අමතා කඩිනමින් නිරාකරණය කර ගැනීමට හැකි බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

රජයේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියේ සාර්ථකව ලියාපදිංචි වී තිබියදීත් ජුනි 30 වන දින හෝ ඊට පෙර තම වත්කම් හා බැරකම් ප්‍රකාශය පද්ධතියට විධිමත්ව ඉදිරිපත් කිරීමට නොහැකි වූ නිලධාරීන්ට මෙන්ම ජුනි 30 වන දින හෝ ඊට පෙර මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට පිවිස ලියාපදිංචි වීමට දැඩි ලෙස උත්සාහ කළ නමුත් පද්ධතියේ පැවති හදිසි තාක්ෂණික දෝෂ හේතුවෙන් ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට සම්පූර්ණයෙන්ම නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට එළඹෙන ජූලි 7 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා කිසිදු ආකාරයක දඩ අය කිරීමකින් තොරව තම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට විශේෂ අවසරයක් දෙන බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

මෙතෙක් ලබා දුන් මේ සහනාධාරය අහෝසි කරමින් පවුල් ලක්ෂ 4කට සහනාධාර කපයි

මෙතෙක් ලබා දුන් මේ සහනාධාරය අහෝසි කරමින් පවුල් ලක්ෂ 4කට සහනාධාර කපයි

එමෙන්ම 2023 03 31 දිනට ඇති වාර්ෂික සහ පශ්චාත් විශ්‍රාම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම 2026 06 30 වන දිනට හෝ ඊට පෙර සිදුකළ යුතු අතර එසේ සිදු කිරීමේ දී ද කිසිදු දඩ මුදලකට යටත් නොවන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැහැදිලිව සඳහන් කරයි.

‘මිස්ටර් කොත්තු’ හිමිකරු විරාජ් වික්‍රමනායක ඇප මත මුදා හැරේ

‘මිස්ටර් කොත්තු’ හිමිකරු විරාජ් වික්‍රමනායක ඇප මත මුදා හැරේ

කෙසේ වුවද මෙම වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ අවස්ථාව එළඹෙන අගෝස්තු මස 31 වනදා දක්වා තවදුරටත් ලබා දිය හැකි නමුත් එම අතිරේක කාලය තුළ ලබා දෙන සියලුම ප්‍රකාශයන් නීතිමය වශයෙන් විශේෂ දඩ මුදලකට යටත් වන බව ද කොමිෂන් සභාව අවධාරණය කර සිටී.

https://www.youtube.com/live/j-gEZjAGwQE?si=12ypwUmmdyTkDSJr