රියදුරන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක් - මේ පාරෙන් යන්න බැහැ විකල්ප මාර්ග මෙන්න
වලස්ගල ශ්‍රි ජයවර්ධන මුචලින්දාරාමය විහාරස්ථානයේ පොසොන් පෙරහැර 2026.07.01 දින උදෑසන 10.00 සිට විථී සංචාරය කිරීමට නියමිතය.
පෙරහර විහාරස්ථානයෙන් ආරම්භ වී වලස්ගල සිට බෙලිඅත්ත දෙසට ගමන් කර කුමාරතුංග මාර්ගයේ උතුර විද්‍යාලය අසලින් ප්‍රධාන මාර්ගයට පිවිස මුස්ලිම්වීදිය ඔස්සේ පරණ බෙලි අත්ත මාර්ගයේ පරණ බෙලිඅත්ත හන්දියට පැමිණ දික්වැල්ල බස් නැවතුම්පොල හා පොලිස් ස්ථානය පසු කර, නව බෙලිඅත්ත මාර්ගයේ නැවත විහාරස්ථානයට පැමිණීම සිදුවේ.
පාසල් දරුවන්ගේ ප්‍රවාහන ගාස්තු වෙනස් වෙනවද? දෙමව්පියන් මඟ බලපු උත්තරේ පාසල් ළමුන්ගේ ප්‍රවාහන සංගමයෙන්
පෙරහර ගමන් ගන්නා කාලසීමාව තුල පහත විකල්ප මාර්ග භාවිතා කර ගමන් පහසුව සලසාගන්නා මෙන් ශ්‍රී ලංකා පොලිසිය දැනුම්දී ඇත.
තංගල්ල සිට බෙලිඅත්ත අධිවේගී මාර්ගයත්, රදම්පලින් නාවරහේන හන්දියේ සිට ගලගම හන්දියට පිවිස බෙලිඅත්ත දෙසටත්, හුන්නදෙණිය හන්දියේ සිට රත්මලේ දෙසට ගමන් කර මුරුතගස්පිටිය හන්දියෙන් තිහගොඩ දෙසටත්, නාකුළුගමුව හන්දියේ සිට පහජ්ජා හන්දියට පිවිස තංගල්ල දෙසටත්, දඹගස්ආර හන්දියෙන් සියඹලාගස් හන්දිය හරහා තංගල්ල දෙසටත් ගමන් කල හැකිය.