සේවකයන්ට මගෙන් වැරැද්දක් වුණා ඒකට සමාවෙන්න - මිස්ටර් කොත්තු සියල්ල පාපොච්චාරණය කරමින් ලංකාවෙන්ම සමාව ඉල්ලයි
සමාජය පුරාවටම පසුගිය කාලසීමාවේ බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වුණු චරිතයක් තමයි විරාජ් වික්‍රමනායක කියන්නේ.
ඔහු සේවකයන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් පහර දෙන ආකාරයේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය පුරාවටම ප්‍රචාරය වුණා. ඒ අනුව ඒ සම්බන්ධව සමාජයේ බොහෝ දෙනා කතා කරනා විට ඔහු අද දිනයේ කරුණු සලකා බලා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මිස්ටර් කොත්තු විරාජ් ඒ සම්බන්ධයෙන් සඳහන් කළේ පහත ආකාරයේ අදහසකි.
"මගෙන් වැරැද්දක් වුණා ලංකාවටම වැරැද්දක් උනා.ඒ ගැන ඇත්තටම සමාව ඉල්ලනවා.සේවකයන්ට මගෙන් වෙච්ච දේ පිළිබඳව අවුලක් තියෙනවා.ඉස්සරහට ඒ වැරදි හදාගෙන අලුත් ගමනක් යන්න බලාගෙන ඉන්නවා.ඇත්තටම මේක මගේ වැරැද්දක් නිසා උනු දෙයක් මං මේ වැරැද්ද පිළිගන්නම ඕනි"
යනුවෙන් ඔහු මෙහිදී මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කර තිබේ.