පරිපාලන දෝෂ නිසා අලුත්ගම දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කෙරේ -මගීන් දැඩි පීඩාවක

Report

අලුත්ගම දුම්රිය ස්ථානයේ විදුලි සැපයුම විසන්ධි කර ඇති බව සදහන් කර තිබේ .

රුපියල් 80,000කට ආසන්න විදුලි බිල්පතක් නොගෙවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන දෝෂ හේතුවෙන් මෙවැනි සිදුවීම් මීට පෙර ද වාර්තා වූ බව වාර්තා වෙයි.

මීට පෙර දුම්රිය ස්ථාන කිහිපයක දුරකථන සම්බන්ධතා විසන්ධි කර තිබූ අතර, මේ වන විට විදුලි සැපයුම් ද විසන්ධි කිරීම හේතුවෙන් අලුත්ගම දුම්රිය ස්ථානයේ නිවේදන කටයුතු පවත්වාගෙන යාමට අපහසු වී ඇති බවද සඳහන්ය.

මේ හේතුවෙන් මගී ජනතාව ද අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වෙයි.

රජයෙන් සුබ පණිවිඩයක් - මේ තරුණ තරුණියන්ට රජය මැදිහත් වී ස්ථීර රැකියාවක්

රජයෙන් සුබ පණිවිඩයක් - මේ තරුණ තරුණියන්ට රජය මැදිහත් වී ස්ථීර රැකියාවක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ග්‍රීක බැඳුම්කර නඩුවට සිදුවූ දේ මෙන්න

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ග්‍රීක බැඳුම්කර නඩුවට සිදුවූ දේ මෙන්න