හෙට ඡන්දය..නමුත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා වැඩි ප්‍රමාණයක් තවමත් තැපැල් කාර්යාලවල..
හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 350,000 කට වැඩි ප්‍රමාණයක් තවදුරටත් තැපැල් කාර්යාල තුළ ගොඩ ගැසී තිබෙනවා.
තැපැල් මගින් ඡන්දදායකයින්ගේ නිවෙස්වලට ගොස් බෙදා හැරීමෙන් පසු එම තොගය ඉතිරිව ඇති අතර මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයින්ට අද දිනයේද තැපැල් කාර්යාල වෙත ගොස් ඒවා ලබා ගත හැකි බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ කියා සිටියේ.