පොලිස් මාර්ග බාධකය නොතැකූ ට්‍රැක්ටර් රථයේ රියදුරු සැරයන්වරයෙක් යටකරගන ගිහින්
යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයකට යටවීමෙන් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එම ස්ථානයේ යොදා තිබූ පොලිස් මාර්ග බාධකය නොතකා ධාවනය වී ඇති අදාළ ට්‍රැක්ටර් රථය, පොලිස් නිලධාරීන් ද යටකරමින් පලාගොස් තිබේ.
එම අවස්ථාවේදී එම පොලිස් නිලධාරියා එම ස්ථානයේදීම මියගොස් ඇති බව සදහන් වේ .
මෙලෙස පලාගිය රියදුරු සහ ට්‍රැක්ටර් රථය අත්අඩංගුවට ගැනීම සඳහා සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇත