මීට පස්සේ බස්වල සංශෝධිත බස් ගාස්තු සම්බන්ධයෙන් මේක අනිවාර්යයි - දැනුම්දීමක්
සංශෝධිත බස් ගාස්තු බස් රථ තුළ ජනතාවට ප්රදර්ශනය කිරීම අනිවාර්ය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය ප්රකාශ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම අධිකාරිය සඳහන් කර ඇත්තේ එය අවසර පත්ර කොන්දේසි යටතේ සිදුකළ යුතු කරුණක් බවයි.
එමෙන්ම එසේ නොකරන බස් රථවල බලපත්ර අවලංගු කිරීමට හෝ දඩ පැවරීමට කටයුතු කරන බව වාර්තා වේ.