මිලියන ගණන් පාඩු ලබද්දී - තවත් මිලියන ගණනින් දීමනා දුන් දෙපාර්තමේන්තුව ගැන වාර්තාවත් එළියට.

By Wayomi Nov 26, 2023 12:25 PM GMT
Report

 2022 වර්ෂය සඳහා නිසි අනුමැතියකින් තොරව විදුලි බල මණ්ඩල සේවකයන් සඳහා ඉංජිනේරු දීමනා, දිරි දීමනා හා තාවකාලික දීමනා වෙනුවෙන් රුපියල් මිලියන 418ක් වැය කර ඇති බව විගණකාධිපතිදෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් අදාළ වාර්තාවට අනුව ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සිදු කර තිබූ හෙජින් ගනුදෙනුව හේතුවෙන් පසුගිය දෙසැම්බර් 31 වැනි දින වන විට රුපියල් මිලියන 14,028ක පාඩුවක් ද සිදුව තිබෙනවා.

මිලියන ගණන් පාඩු ලබද්දී - තවත් මිලියන ගණනින් දීමනා දුන් දෙපාර්තමේන්තුව ගැන වාර්තාවත් එළියට. | Offers In The Millions Ceb

විගණකාධිපති දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත්තේ, ඊට අදාළ ව සංස්ථාවට එරෙහිව පෞද්ගලික බැංකුවක් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 8.6ක අයිතියක් ඉල්ලා ගොනු කළ නඩුවක් ද තවදුරටත් විභාග වෙමින් පවතින බවයි.