සාමාන්‍ය පෙළ දරුවන්ට.. විභාග දෙපාර්තමේන්තුවෙන් එකවරම දැනුම්දීමක්.. දිනේ මෙන්න..
විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය 2024(2025) සදහා අයදුම්පත් භාරගැනීමේ කාලය ලබන 10 වැනිදා දක්වා දීර්ඝ කිරිමටයි.
ඒ දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ය.
ඒ බව විභාග කොමසාරිස් ජනරාල් එච් ජේ එම් සී අමිත් ජයසුන්දර මහතා නිවේදනය කළේ ය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහා:
ඝෘජු දුරකථන අංක: 1911, 0112784208, 0112784537, 0112786616
ෆැක්ස්: 0112784422
පොදු දුරකථන අංක: 0112786200, 0112786201, 0112786202
දිගුව: 263, 265, 280, 282, 442
විද්‍යුත් තැපෑල: gcealexam@gmail.com
මේ අතර, 2024 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සඳහා අයදුම්පත් ඉකුත් (05) වෙනිදා සිට නොවැම්බර් 30 දක්වා මාර්ගගතව ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාල උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බව එම නිවේදනයේ සඳහන් විණ.
පෞද්ගලික අයදුම්කරුවන් අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමේදී ජාතික හැදුනුම්පත භාවිත කර අයදුම් කළ යුතු අතර ජාතික හැදුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම් භාරකරුගේ (මව හෝ පියා) ජාතික හැදුනුම්පත භාවිත කර ලියාපදිංචි වී අයදුම්පත් ඉදිපත් කළ යුතු බව ද සඳහන් විය.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක් වූයේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවිය වන https://www.doenets.lk/ හෝ https://onlineexams.gov.lk/eic/index.php/clogin/ වෙත පිවිස අදාල උපදෙස් හොඳින් කියවා ඒ අනුව ම නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවයි.
You May Like This Video👇
.
 
                 
                     
                                             
         
     
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        