O/L ලියන ළමයින්ට විශේෂ දැනුම්දීමක්!

Report

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

හෙට (17) පැවැත්වීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් අද (16) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් විභාග කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේය.

බටලන්ද කතාවෙන් කරළියට එන මාතලේ මාරක ඝාතකයා කවුද?(UPDATE VIDEO)

බටලන්ද කතාවෙන් කරළියට එන මාතලේ මාරක ඝාතකයා කවුද?(UPDATE VIDEO)

එහිදී ඔහු සඳහන් කළේ, මෙම විභාගය සඳහා පාසල් අපේක්ෂකයින් 398,182ක් සහ පෞද්ගලික අපේක්ෂකයින් 75,968ක් සහභාගී වන බවයි.

තවද, හෙටින් ආරම්භ වන මෙම විභාගය සඳහා අපේක්ෂකයින් වෙත කල් ඇතිව විභාග ශාලාවට පැමිණෙන ලෙසත්, අනවශ්‍ය ද්‍රව්‍ය විභාග ශාලාවට රැගෙන ඒමෙන් වැළකෙන ලෙසත් විභාග කොමසාරිස්වරයා විශේෂ ඉල්ලීමක් කළේය.

"කැට තියලා කියනවා මුකුත් වෙන්නේ නෑ" - රාසමාණික්කම්ගෙන් පාර්ලිමේන්තුවේදී සැර ප්‍රකාශයක්

"කැට තියලා කියනවා මුකුත් වෙන්නේ නෑ" - රාසමාණික්කම්ගෙන් පාර්ලිමේන්තුවේදී සැර ප්‍රකාශයක්

ඒ අනුව, යම් අපේක්ෂකයෙකු මෙම රීති උල්ලංඝනය කළහොත් එය විභාග වැරැද්දක් ලෙස සලකා උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, එවැනි අයෙකුට වසර 05ක විභාග තහනමක් පැනවීමේ හැකියාවක් ඇති බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.