"කැට තියලා කියනවා මුකුත් වෙන්නේ නෑ" - රාසමාණික්කම්ගෙන් පාර්ලිමේන්තුවේදී සැර ප්‍රකාශයක්

Report

වත්මන් ආණ්ඩුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ඇති බිය නිසා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්‍යන් රාසමාණික්කම් මහතා ප්‍රකාශ කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් පාර්ශවයන්ගේ විරෝධය පවතිද්දීත් මෙම වාර්තාව සභාගත කිරීම සිදු වූ බව ඔහු සඳහන් කළේය.

බටලන්ද ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දින මෙන්න

බටලන්ද ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දින මෙන්න

ඊයේ (15) පාර්ලිමේන්තුවේ පැවති අයවැය කාරක සභා අවස්ථාවට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ කීවේය;

“බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කිරීමෙන් ජනතා විමුක්ති පෙරමුණ සිදු කළ මනුෂ්‍ය ඝාතන ලැයිස්තුවත් එළියට එනවා. ඒ නිසා මේ වාර්තාවෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මේක සභාගත නොකළා නම්, කුමාර් ගුණරත්නම්ගේ පෙරටුගාමී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ තවත් කෑලි දහයකට පමණ බෙදනවා.

කෙල්ලව ගෙනිච්චා... කොල්ලව පාවා දුන්නා ...කෙල්ල ඉන්න තැන ගැන හෝඩුවාවක්... මොලකරු පද්මේද?

කෙල්ලව ගෙනිච්චා... කොල්ලව පාවා දුන්නා ...කෙල්ල ඉන්න තැන ගැන හෝඩුවාවක්... මොලකරු පද්මේද?

ඒ බිය නිසා තමයි මේක සභාගත කළේ. ඒත් මේකෙන් කිසිවක් සිදු වෙන්නේ නැහැ. මම දන්න තරමින්, ජේවීපී එකේ දැන් ඉන්න නායකයෝ ඒ කාලයේ අවුරුදු 18-20 වයසේ තරුණයෝ වුණා.

බටලන්ද කොමිසමෙන් ජේවීපී එක කළ ඝාතන ලැයිස්තුත් දැන් ප්‍රසිද්ධ වෙනවා. ඒවා ගැන පරීක්ෂණ කරන්න වෙන නිසා ජේවීපී එකේ බොහෝ දෙනෙක් මේක සභාගත කිරීමට කැමැති වුණේ නැහැ. මේකෙන් සිදු වෙන්නේ සභාගත කිරීම විතරයි.

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවෙන්නේ නැත්නම් අපි පාරට බහිනවා - කාදිනල් හිමියන් (VIDEO)

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවෙන්නේ නැත්නම් අපි පාරට බහිනවා - කාදිනල් හිමියන් (VIDEO)

මම අද මේක කැට තියලා කිව්වා කියලා හිතන්න. කතානායකතුමා සංවේදී වුණා මම දැක්කා. අපිත් මේ වගේ දේවල් ගැන සංවේදීයි. හැම දෙයකටම සංවේදී වුණොත් තමයි හොඳ.”