මෙතෙක් බලා සිටි විභාගයකට අදාල ප්‍රතිඵල අද නිකුත් කෙරේ..

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Grade 05 Scholarship examination Education
By Aruna May 26, 2023 06:44 AM GMT
Aruna

Aruna

Report

2021 වසරේ සාමාන්‍ය පෙළ සහ 05 වසර ශිෂ්‍යත්ව විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

මේ අතර, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග -2022 (2023) ට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් විදුහල්පතිවරුන්ට නව නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

එම අමාත්‍යාංශයේ නිවේදනයට අනුව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ, විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර රඳවා නොගන්නා ලෙස පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇති බවයි.

ප්‍රවේශ පත්‍ර නොමැතිවීම හේතුවෙන් කිසියම් සිසුවෙකුට විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි වගකීම විදුහල්පතිවරයා විසින් දැරිය යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ 02 වන අදියර අදින්(26) අවසන්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ,පළමු පාසල් වාරයේ 03වැනි අදියර ජූනි මස 12 වැනිදායින් ආරම්භ වන බව එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 05.29 දින සිට 06.08 වන දින දක්වා පැවැත්වෙන බව, නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now