මෙවර සාමාන්‍ය පෙළ විභාගය ගැන රට පුරා පැතිර යන ආරංචිය මෙන්න..

Sri Lanka Police Ministry of Education Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Education
By Aruna May 10, 2024 07:02 AM GMT
Aruna

Aruna

Report

දැනට පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිදුවු අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අද (10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, කොළඹ සහ හසලක ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානවල පැවති ඉංග්‍රීසි භාෂා විභාගයේදී මෙම අක්‍රමිකතා අනාවරණය වූ බවයි.

2024 T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි..ක්‍රීඩක ලැයිස්තුව මෙන්න..

2024 T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි..ක්‍රීඩක ලැයිස්තුව මෙන්න..


ඇතැම් සිසුන් විසින් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ ඉතා සූක්ෂ්ම ලෙස ජංගම දුරකථන භාවිත කර ඡායාරූප ගෙන පිළිතුරු ලබා ගැනීම සඳහා තෙවන පාර්ශවයන් සමඟ බෙදාගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, එම අවස්ථාවේ විභාග මධ්‍යස්ථානවල සිටි නිලධාරීන් එම සිසුන්ගේ ජංගම දුරකථන අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ අක්‍රමිකතා අනාවරණය වීමත් සමඟ ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට පැමිණිලි කිරීමට පියවර ගත් බවයි.