සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය Whatsapp ඔස්සේ ලීක් වෙයි - විභාගය ලියපු දරුවන්ට මොකද වෙන්නේ? මෙන්න නඩුවේ තත්ත්වය

Report

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළේ 2023 (2024) සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළැයි කියන සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදා හැරීමටයි.

සිද්ධියට අදාල සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවේය.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එන දිනය මෙන්න - විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එන දිනය මෙන්න - විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ 2023 ( 2024 ) සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සහ විභාග මධ්‍යස්ථානයේ සිදුවූ විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි