නුවරඑළියත් වර්ෂාවෙන් යටවෙයි.
Landslide In Sri Lanka
Weather
Floods In Sri Lanka
By Wayomi
අධික වැසි හේතුවෙන් මහවැලි ගග සහ හැඩ ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48 ක කාලය තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එමෙන්ම වර්ෂාවත් සමග අම්පාර, මොණරාගල, බදුල්ල, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්ක වල මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර පස්කඳු කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය දුම්රිය ස්ථානයට පමණක් සීමා කරනු ලැබුවා.
මේ අතර පවතින අධික වැසි සමඟ නුවරඑලිය කඳපොල ප්‍රධාන මාර්ගය ද ජලයෙන් යට වී තිබෙනවා.
එමෙන්ම නුවරඑළිය නගරයේ තුරඟ තරග පිටිය, වික්ටොරියා උද්‍යානය ඇතුලු ඇතැම් කොටස් ද ජලයෙන් යටවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.